,
Covid-19

කළුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග්‍රාමය lockdown කෙරේ

කොවිඩ්-19 වෛරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග‍්‍රාමය මාර්තු 27 දින පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග කියා සිටී.

අදාළ ග්‍රාමයේ පුද්ගලයකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයක් සමග සබඳතා පවත්වා ඇති බවට කරුණු අනාවරණය වී තිබෙන බව වාර්තා වේ.

ඒ සමගම හඳුනාගත් අටළුගම නිවාස 26කට අයත් පුද්ගලයන් 200ක් පමණ ස්වයං නිරෝධායනයකට ලක්කර ඇත.

ඒ අනුව අදාළ ප්‍රදේශයට ඇතුල් වීමට හෝ පිටවීමට නොහැකි ලෙස වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන්ද යොදවා ඇඳීරිනීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව පොලිස් ආරංචි මාර්ග කියා සිටී.

Rivira Ads
To Top