,

කොළඹ රතු පල්ලියේ දේව මෙහෙයකට කොවිඩ්-19 ආසාදිතයෙකු සහභාගී වී ඇති බව තහවුරු කෙරේ

කොළඹ රතු පල්ලියේ පැවැති මෙහෙයකට සහභාගී වූ පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මේ බව තහවුරු කළේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසිනි.

මාර්තු 27 දින දෙරණ රූපවාහියේ වැඩසටහනකට සහභාගී වෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ බුද්ධි අංශ ඔස්සේ ඒ බව තහවුරු කර ඇති බවයි.

එහෙත් මෙම සිදුවීම මාධ්‍ය ආයතන විසින් මීට පෙර වාර්තා කිරීමෙන් අනතුරුව රතු පල්ලියේ පිරිසක් එම පුවත ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එවැන්නක් සිදුවී නැති බවයි.

එහෙත් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ පසුගිය මාර්තු 13 දින වෛරසය ආසාදිත බව තහවුරු වූ රෝගියෙකු එම පල්ලියේ මෙහෙයට සහභාගී වී ඇති බවයි.

අදාළ පුද්ගලයාගේ පියාටද වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන ඇති බවද ලේකම්වරයා කියා සිටියා.

Rivira Ads

One thought on “කොළඹ රතු පල්ලියේ දේව මෙහෙයකට කොවිඩ්-19 ආසාදිතයෙකු සහභාගී වී ඇති බව තහවුරු කෙරේ

  • March 29, 2020 at 10:02 pm
    Permalink

    දැන් තේරෙන්නවානේ මුංගේ ආගම උගන්නන්නෙ බෝරැවෙන් ජිවත්වෙන්නයි

Comments are closed.