ඇඳිරි නීතිය දැඩි කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබා දීම සඳහා රජය තීරණය කරනු ලැබුවා. ඒ අනුව බස්නාහිර පළාතට සහ යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙවන් තත්වයක් තුළ ජනතාව ආහාර පාන රැස්කරගෙන තිබුණෙ දින කිහිපයකට වන අතර ඇතැම් අයට ඒ සඳහා හෝ අවස්ථාව ලැබී ඇත්තේ නෑ. ඔවුන් පවසන්නේ මාර්තු 28 උදෑසන 10 වන තෙක්ම තම ප්‍රදේශයට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමක් සිදුවූයේ නැති බවයි. මෙම පිරිස අතරට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේම ජනතාව සිටින අතර නාගරික ප්‍රදේශවලට පමණක් භාණ්ඩ බෙදා හැරීම සිදුවී ඇති බවට ඔවුන් චෝදනා කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ද හෝමාගම, කඩුවෙල, අවිස්සාවේල්ල වැනි ප්‍රදේශවල ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ තමන්ට අතවශ්‍ය සේවා කිසිවක් නොලැබුණු බවයි.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේද බොහෝ ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමක් සිදුවී නැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කර සිටිනවා. ඇතැම් දිලිඳු ජනතාව දින කිහිපයක සිට නිරාහාරව සිටින බවටද චෝදනා එල්ල වෙනවා.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ද සියළුම ප්‍රදේශවල වැසියන් චෝදනා කර සිටින්නේ තමන්ට අත්‍යවශ්‍ය ආහාර බෙදා හැරීමක් සිදුනොවූ බවයි. පික්මි සේවාව හරහා සතොස භාණ්ඩ ලබා ගත හැකි බව කියුවද එලෙස භාණ්ඩ ලබා ගැනීමේ හැකියාවක් ලැබී නැති බවට ඔවුන් චෝදනා කර සිටිනවා.
මේ අතර පසුගිය දා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරිම පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය කියා සිටින්නේ සියළු ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කර ඇති බවයි.
මේ අතර ඖෂධ ලබා ගැනීමේ ක්‍රමවේදයද ගැටළුකාරී වී ඇති බවට මහජනතාව චෝදනා කර සිටිනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටර්රෝල් වැනි රෝග සඳහා දිගින් දිගටම ඖෂධ ගැනීමට පවුලේ වෛද්‍යවරයා නියම කර තිබුණද ඔවුන් වරින් වර ඒ සඳහා වට්ටෝරු නිකුත් නොකළ බව කියා සිටින ජනතාව කියා සිටින්නේ තමන් සතුව ඇත්තේ තරමක් පැරණි වට්ටෝරු බවයි. මෙතෙක් එම ඖෂධ ෆාමසිවලින් එම තුන්ඩුවලටම නිකුත් කළද රජයෙන් ලබා දී ඇති ක්‍රමවේදය මගින් පැරණි තුන්ඩු සඳහා ඖෂධ ලබා දීම ප්‍රතික්ෂේප කරන බවටද චෝදනා කර සිටී. එබැවින් අත්‍යවශ්‍ය ඖෂධ පවා ලබා ගැනීම අසීරු වී ඇති බවට ජනතාවට චෝදනා කරයි. මීට අමතරව ඇතැම් ඖෂධ සඳහා වෛද්‍ය නිර්දේශ ෆාමසි විසින් ඉල්ලා නොසිටි නිසා එවැනි ඖෂධ ලබා ගැනීමට අපහසුවක් නොතිබුණද වත්මන් ක්‍රමවේදය හරහා එලෙස ඖෂධ ලබා නොදෙන බවට ඔවුන් චෝදනා කරයි.
එම තත්වය එසේ තිබියදී තවත් පිරිසක් චෝදනා කර සිටින්නේ තමන් සතුව ස්මාර්ට් ජංගම දුරකතන නොමැති බවයි. ඇතැමුන්ට ස්මාර්ට් ජංගම දුරකතන තිබුණද වට්ස්ඇප්, වයිබර් වැනි තාක්ෂණික මෙවලම් ගැන අවබෝධයක් නොමැති බවද ඔවුන් කියා සිටී. එවැනි පිරිස් සඳහා ඖෂධ ලබාගත ක්‍රමවේදයක් වහාම සකස් කරන ලෙසට ඔවුන් ඉල්ලා සිටී.
ඔබේ ගැටළු අපට එවන්න. rivira@rivira.lk

