,
Covid-19

අටුළුගමින් 2ක් හා පුත්තලමෙන් 2ක් සැක පිට රෝහල්වලට

පුත්තලම ප්‍රදේශයේ දී සැක කටයුතු රෝගී ලක්ෂණ පෙන්වූ දෙදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කොවිඩ්-19 රෝග ලක්ෂණ ඇති බවට ඇතිවූ සැකයක් හේතුවෙනුයි මොවුන් රෝහල්ගත කර ඇත්තේ.

මේ දෙදෙනා අතර තබ්බෝව යුධ හමුදා කදවුරේ සේවය කරමින් සිටි කෝප්‍රල්වරයකු සිටින බව ආරංචි මාර්ග පවසයි. ඔහු එම කඳවුරට අනියුක්තව සේවය කර තිබෙන අතර රෝගී ලක්ෂණ මතුවීම හේතුවෙන් තබ්බෝව රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

අනෙක් පුද්ගලයා ඉන්දුනිසියාවේ හා තායිලන්තයේ සංචාරයක නිරත වී යළි දිවයිනට පැමිණි පුද්ගලයෙකු වන අතර මුලින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුනෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

මේ අතර අටුළුගමින් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිත රෝගියෙකුගේ පියා සහ සහෝදරියද සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඔවුන් දෙදෙනා නාගොඩ පිහිටි කළුතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ අටුළුගම ග්‍රාමය මේ වන විටත් සම්පූර්ණයෙන් වසා දමා ඇති අතර පුද්ගලයින් 200ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

Rivira Ads
To Top