ඉන්දියාවේ චෙන්නායි හි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායන ක්‍රියාවලියට යොමුවිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටී.
කොවිඩ්-19 වෛරසය වැළඳුනු බවට මාර්තු 28 දිනය තුළ හදුනාගත් ආසාදිතයින්ගෙන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මාර්තු 14 දිනෙන් පසු චෙන්නායි සිට මෙරටට පැමිණි සියළු පුද්ගලයින්ට ඔවුන් පදිංචි ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත වහාම දැනුම් දෙන ලෙස උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.
ඊට අමතරව ළඟම ඇති පොලිස්ථානයේ ලියාපදිංචි වන ලෙස යුධ හමුදාපතිවරයා ඉල්ලා සිටී. එය දුරකතන ඇමතුමකින් සිදුකළ හැකි බවද ඔහු කියා සිටියා. එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු වෙතොත් 119 හෝ ලබා දී ඇති ඕනෑම දුරකතන අංකයකට දැනුම් දෙන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටී.

