,
Covid-19

ඇඳිරි නීතිය හා ගම් හුදෙකලා කිරීම ගැන තීරණ ගන්නේ රජයේ ඉහළ මට්ටමින් පමණයි, ප්‍රාදේශීය මට්ටමේ තීරණ නොගන්නැයි ජනාධිපති කාර්යාලය කියයි

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් බව මාර්තු 30 දින අංක 20 යටතේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වෛරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත යොමු කළ යුතු බවයි.

ජන ජීවිතය අපහසුවට පත් කරන කුමන හෝ තීරණයක් ප්‍රාදේශීය මට්ටමින් නොගත යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කර සිටිනවා.

Rivira Ads
To Top