කොවිඩ්-19

ඇඳිරි නීතිය කාලසීමාවේ රැස්වීමක් කළ චම්පික රණවකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කෙරේ

හිටපු ඇමැති චම්පික රණවකගේ නිවසේ තිබූ බව කියන රැස්වීමක් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටී. මාර්තු 29 දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.

මාර්තු 28 දින පස්වරුවේ එම රැස්වීම පැවත් වූ බව කියන ස්ථානයට සෞඛ්‍ය අංශ ගොස් ඇති බවත් එහි සිටි පිරිස නිරෝධායන උපදෙස් මත විසුරුවා හැරි බවත් ඔහු කියා සිටි අතර නිරෝධායන නීතිරීතිවලට අනුව ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් කියා සිටියා.

අදාළ රැස්වීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වා ඇති බවත් එම රැස්වීම සංවිධානය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top