Covid-19

ශ්‍රී ලංකාව දැඩි අවදානමක, දිනය තුළ නව ආසාදිතයින් 20ක්

මාර්තු 31 පස්වරු 7 වන විට දිනය තුළ පමණක් නව කොවිඩ්-19 ආසාදිතයින් 20 තහවුරු කර තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. දිනය තුළ මුලින් 7 දෙනෙකුත්, ඊට පසු 3කුත් සහ පසුව 10 දෙනෙකුත් එකවර තහවුරු කර තිබෙනවා. මේ අනුව මෙරටින් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට රෝහල්ගතව කොවිඩ්-19 වෛරසයට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 123ක් වන අතර, 17 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ වන දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කෙරෙන අතර අත්‍යවශ්‍ය සේවා බවට තහවුරු කළ හැකි හෝ වලංගු අවසර පත්‍රයක් නොමැති සියළු දෙනා අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කිරීමට තීරණය කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top