කොවිඩ්-19

දිනපතා 20,000කගේ කුස පුරවන තෙවරප්පෙරුම

කළුතර දිස්ත්‍රික්ක හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත කුමාර තෙවරප්පෙරුම වසංගත තත්වයෙන් පීඩා විඳින ජනතාවට සහන සැළසීමට ඉදිරිපත්ව තිබෙනවා.

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්ක වල නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ හේතුවෙන් දෛනික ආදායම් උපයන්නන් හා අඩු ආදායම්ලාභීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ අනුව බොහෝ අපදාකාරී අවස්ථාවල පෙරමුණ ගෙන කටයුතු කරන පුද්ගලයෙකු වන හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කළුතර දිස්ත්‍රික්කය තුළ අඩු ආදායම්ලාභීන් හා වතුවල ජීවත්වන පුද්ගලයින්ට පහසුකම් සැපයීමට ඉදිරිපත් ව සිටිනවා.

මේ වන විටත් ඔහු දිනපතා 20,000කගේ පමණ කුසගිනි නිවීම සඳහා ආහාර සැපයීමට පියවරගෙන ඇති අතර ඒ සඳහා යම් යම් පුද්ගලයින් ආධාර කරන බවද වාර්තා වෙනවා. එහෙත් මේ වන විට සිය වාහනයද උගස් කරමින් ජනතාවට සහන සැළසීමට පාලිත තෙවරුප්පෙරුම කටයුතු කර තිබෙනවා.

ඇඳිරි නීති බලපත්‍රයක් ද ඔහු රජයෙන් ලබා දී ඇත්තේ ඔහු සිදු කරන ක්‍රියාවලියට සහය පළ කිරීමක් ලෙසයි. සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අටළුගම ප්‍රදේශයටද හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සහයෙන් ආහාර ද්‍රව්‍ය ලබා දීමට පාලිත තෙවරප්පෙරුම කටයුතු කරනු ලැබුවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top