කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී මිය ගිය සිව්වැනි පුද්ගලයා පිළිබඳ තොරතුරු රැසක් වාර්තා වී තිබෙනවා. නැදිමාල ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි ඔහු ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වන බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනෙක ඔහු සිය බිරිඳ සමග ඉන්දියාවේ සංචාරයක ගොස් මෙරටට පැමිණ ඇති අතර නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයටද යොමු වී තිබෙනවා. පසුව රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් ඔහු සහ බිරිඳ ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පසුව ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඔවුන් පවසා ඇති ආකාරයට ඔවුන් කටුනායකට පැමිණි පසු ඉතාලියේ සිට පැමිණ ශ්‍රී ලාංකික පිරිස කලබලකාරී ලෙස ගුවන්තොටුපලේ දී හැසිරුණු අවස්ථාවේදී එම තත්වයට මැදි වී තිබෙන බවයි. එබැවින් ඔවුන්ට ඉන්දියාවේදී හෝ කටුනායක ගුවන් තොටුපලේ දී වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ.
කෙසේ වෙතත් මීට පෙර වෛරසයෙන් ශ්‍රී ලංකාවේ දී මිය ගිය තිදෙනාටම වෙනත් සැළකිය යුතු මට්ටමේ රෝග තිබූණත් සිව්වැනි පුද්ගලයාට එවැනි සැළකිය යුතු මට්ටමේ රෝග තිබී නැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. ඔහු අනපේක්ෂිත ලෙස නියුමෝනියා තත්වයට පත්වීම මරණයට හේතු වී තිබෙන බවද විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියා.

