මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් සිදුවූ පරීක්ෂණ අනුව ශ්‍රී ලංකාවට පැමිණි පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක අප්‍රේල් 3 සිකුරාදා නියෝග කළේය.
ඒ රුපියල් ලක්ෂ 25ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඇප කොන්දේසි සැපිරීමට අප්‍රේල් 25 දක්වා කාලය ලබා දී තිබෙන අතර ඔහු මේ වන විට අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට කාලය ලබා දී තිබූ බැවින් පෞද්ගලික ඇපයක් මත ඔහු මුදා හැර තිබෙනවා.

