Covid-19

“අසත්‍ය ප්‍රකාශයක්” සම්බන්ධයෙන් රාජිත ගැනත් පරීක්ෂණ ඇරඹෙයි

හිටපු ඇමති රාජිත ‌සේනාරත්න ප‍්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින්, පාසල් සිසුන් 10 දෙනෙකුට කොරෝනා ‌වෛරසය ආසාදනය වී ඇති බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න පවසයි.

මෙම සිද්ධියට අදාළව පැමිණිල්ලක් සමග හඬපටද පොලිස් මුලස්ථානය වෙත ලැබී ඇති අතර ඒ අනුව පොලිස්පතිවරයා මෙම පරීක්ෂණ අපරාධ විමර්ශන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කර ඇති අතර ඔහු විසින් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අනාවරණය කර සිටියේය.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top