,
Covid-19

ශ්‍රී ලංකාවේ 5 වැනි මරණය වාර්තා වීමත් සමග මරණ අනුපාතය 3% ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී සිදුවූ 5 වැනි මරණය අද උදෑසන වාර්තා වී තිබෙනවා. ඒ වැලිකන්ද රෝහලේ සිටි කොරෝනා ආසාදිත 44 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන පුද්ගලයෙකු මිය යාමත් සමගයි.

ඉතාලි‍‍යේ සිට පැමිණි නිරෝධායනයට යොමු වී සිට ඇති ඔහු මාර්තු 23 දින රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර මාර්තු 26 දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. පසුව නියුමෝනියා තත්වය උත්සන්න වීමෙන් ඔහුගේ මරණය සිදු වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා. ඔහුට සැළකිය යුතු මට්ටමේ වෙනත් රෝගී තත්වයන් නොතිබූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියා.

ශ්‍රී ලංකාවේ දී මිය ගිය ලාබාලතම පුද්ගලයා වන අතර ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මරණ අනුපාතය 3% ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ මේ වන විට සමස්ථ ආසාදිතයින් 159 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 5 දෙනෙකු මියගොස් 24 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

Rivira Ads
To Top