,
Covid-19

රටම කතා වූ තෙවරප්පෙරුමගේ කෙටි විවේකය

මේ දිනවල කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට අඛණ්ඩව සහන සැළසීමේ ක්‍රියාවලියක නිරත වී සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට පුරා ජනතාවගේ දැඩි ආදරයක් දිනා ගැනීමට සමත්ව සිටිනවා.

ඔහු විසින් තම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් 20,000කගේ පමණ කුසට ආහාර සපයමින් සිටින බව වාර්තා උනා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද ඊට අවශ්‍ය අවසර ලබා ගැනීමේ ක්‍රියාවලියට උපකාර කර සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම හෙළි කර සිටියා.

මේ වන විට සමාජ ජාල තුළ සීග්‍රයෙන් සංසරණය වන ඡායාරූපයක් හේතුවෙන් ඔහු යළිත් ජනතාව අතර කතාබහට ලක්වී තිබෙනවා. සිය සහන සැළසීමේ වැඩ පිළිවෙල අතරතුර අධික තෙහෙට්ටුව හේතුවෙන් එම ස්ථානයේම කෙටි නින්දක් ලබා ගන්නා අයුරු එහි දැක්වෙනවා.

Rivira Ads
To Top