,
Entertainment

සංගීතඥ ජයන්ත රත්නායකයන් දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායකයන් සිය දිවි සැරිය නිමා කර තිබේ. අප්‍රේල් 06 දින පෙරවරුවේ මහරගම අපේක්ෂා රෝහලේ දී ඔහු අභවප්‍රාප්ත වී ඇති බව සංගීතඥ කීර්ති පැස්කුවෙල් කියා සිටී.

ජයන්ත රත්නායකයන්, ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුත්‍රයා ද වන අතර මිය යන විට 51 වැනි වියේ පසුවිය. ළමා සංගීත සාහිත්‍ය වැඩි කාලයක් ගත කළ ජයන්ත රත්නායකන් සංගීත අධ්‍යක්ෂකයෙකු, ගායන ශිල්පියෙකු මෙන්ම වාදන ශිල්පියෙකු ලෙසද කටයුතු කරමින් සිටියේය.

පවතින ඇඳිරි නීතිය හේතුවෙන් දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ අයගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතයි.

Rivira Ads
To Top