,
Covid-19

පැය කිහිපයකින් මිලියනයකගේ හදවත් උණුකළ තෙවරප්පෙරුම

මේ දිනවල කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට අඛණ්ඩව සහන සැළසීමේ ක්‍රියාවලියක නිරත වී සිටින එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට පුරා ජනතාවගේ දැඩි ආදරයක් දිනා ගැනීමට සමත්ව සිටින බව පසුගිය දිනවල නිරන්තරයෙන් මාධ්‍ය වාර්තා කළා.

ඒ ඔහු විසින් තම දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් 20,000කගේ පමණ කුසට ආහාර සපයමින් සිටින බව වාර්තා වීමත් සමගයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ සහය ලැබී ඊට වරින්වර ලැබුනු බව පාලිත තෙවරප්පෙරුම කියා සිටීමත් විශේෂත්වයක්.

ඊයේ (අප්‍රේල් 5 දින) පස්වරුවේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ විඩීයෝවක් ෆේස්බුක් හී ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට සමත්ව තිබෙනවා. එම විඩියෝව පැය 3ක් ඇතුළත ලක්ෂ 5කට අධික පිරිසක් නරඹා ඇති අතර පැය 7ක් තුළ මිලියනයක පිරිසක් නරඹා තිබුණා. එලෙස කෙටි කාලයකින් වැඩිම පිරිසක් ෆේස්බුක් හී නැරඹූ වීඩියෝව ලෙස වාර්තා වන්නේ එම වීඩියෝව බව සමාජ ජාල විශ්ලේෂකයින් කියා
සිටිනවා. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාලිත තෙවරප්පෙරුමගේ ක්‍රියාකලාපය ඇගයීමට ලක්වීම ඊට හේතුව බවද ඔවුන් කියා සිටින අතර එම වීඩියෝව නැරඹූ පිරිසෙන් සහ ඊට ප්‍රතිචාර දැක්වූ පිරිසෙන් 97%ක් ඊට යහපත් ප්‍රතිචාර දක්වා තිබීමද විශේෂත්වයක් බවයි ඔවුන් කියා සිටින්නේ. Social Bakers සමාජ මාධ්‍ය පිටු පිළිබඳ සමීක්ෂණ කරන ජාත්‍යන්තර ආයතනයට අනුව ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ෆේස්බුක් පිටුව වී ඇත්තේ පාලිත තෙවරප්පෙරුමගේ සමාජ මාධ්‍ය පිටුවයි.

එම වීඩියෝව පහතින්.

Rivira Ads
To Top