Covid-19

වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී මිය ගිය ගණන 6 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී මිය ගිය හයවැනි පුද්ගලයා ලෙස 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මිය යන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.

අප්‍රේල් 7 දින උදෑසන 10.30 වන විට ශ්‍රී ලංකාවෙන් සමස්ථ ආසාදිතයින් 178 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 6 දෙනෙකු මිය ගොස් 38 දෙනෙකු සුවය ලබා තිබෙනවා. සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 134ක් වන අතර සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගීන් 257 දෙනෙකු සිටින බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top