කොවිඩ්-19 වසංගත තත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම, වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ අප්‍රේල් 7 දින අවධාරණය කර තිබෙනවා.
කොවිඩ්-19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයෙකු අදාළ සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපැදිය යුතු බවත් නිරෝධායනයට ලක් කරන පිරිස් ද අදාළ ස්ථානයේම රැඳී සිටිය යුතු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.
යම් හෙයකින් එවැනි අයෙකු එම උපදසේ කඩ කරමින් යම් ස්ථානයකට ගොස් මෙම රෝගය බෝකිරීමට කටයුතු කළහොත්, මෙරට අපරාද නීතිය අනුව එය වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

