Covid-19

ඇමති ඩලස් සිය ඇමති වැටුප, කොරෝනා අරමුදලට පරිත්‍යාග කරයි

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප, COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.

මීට අමතරව මාතර බෝධි ආරක්ෂක සභාව ද තවත් රුපියල් මිලියනය පරිත්‍යාගයක් අදාළ අරමුදලට ලබා දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කිරීමට හැකියාව පවතී. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ අමතා වැඩි විස්තර දැන ගැනීමට හැකි බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top