,
Covid-19

කොරෝනා අරමුදලට ලොකුගේ කෝටියක් දෙයි, දෙදිනක් තුළ මිලියන 66ක් අරමුදලට

අමාත්‍ය ගාමිණි ලොකුගේ විසින් රුපියල් මිලියන 10ක්, COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. දෙදිනක් තුළ COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ලැබී ඇති අරමුදල් ප්‍රමාණය රුපියල් මිලියන 66ක ඉක්මවා තිබෙනවා.

මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් මිලියන 25ක්ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය රුපියල් මිලියන 2.5 බැගින් ද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව රුපියල් මිලියන 02ක්ද, මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් ආයතනය රුපියල් මිලියන 10ක්ද සහ නේචර්ස් බියුටි ක්‍රියේෂන්ස් ආයතනය රුපියල් මිලියන 05ක් අරමුදලට පරිත්‍යාග කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.

ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කිරීමට හැකියාව පවතී. දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ට දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ අමතා වැඩි විස්තර දැන ගැනීමට හැකි බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Rivira Ads
To Top