දේශීය පුවත්

අවුරුදු සැමරුම් පවුලේ සාමාජිකයින්ට සීමා කරගන්න – ජනාධිපති කාර්යාලය ඉල්ලයි

කොවිඩ්-19 වසංගත තත්වය පාලනය කර ගැනීම සඳහා රජය ගෙන ඇති වැඩ පිළිවෙළට සහය දක්වමින් ඉදිරි සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ආරක්ෂිත පියවර අනුගමනය කරමින් සමරන්නැයි රජය ඉල්ලා සිටී.

ඒ අනුව චාරිත්‍ර ඉටු කිරීම ඇතුළු සියළු පුද්ගල සබඳතා හා කටයුතු පවුලේ සාමාජිකයින් අතරට පමණක් සීමා කරගන්නැයි ජනාධිපති මාධ්‍ය අංශය ඉල්ලා සිටී.

අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලබන බවද සඳහන්. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධිවිධාන සලසා ඇති බවද රජය නිවේදනය කරයි.

Rivira FB Group Rivira Youtube
To Top