කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ දී මිය ගිය හත්වැනි පුද්ගලයා ලෙස 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කර සිටිනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ පුද්ගලයා ජර්මනියේ සිට පැමණි මැණික් ව්‍යාපාරිකයා බවයි. ඔහු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මිය යන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා.
අප්‍රේල් 8 දින පස්වරු 8.00 වන විට ශ්‍රී ලංකාවෙන් සමස්ථ ආසාදිතයින් 189 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 7 දෙනෙකු මිය ගොස් 44 දෙනෙකු සුවය ලබා තිබෙනවා. අප්‍රේල් 8 දිනය තුළ එක් අයෙකු මියගොස් නව ආසාදිතයින් 4 දෙනෙකු වාර්තා වී ඇති අතර දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා. සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 138ක් වන අතර සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝගීන් 228 දෙනෙකු සිටින බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා.


