Covid-19

ශ්‍රී ලංකාව තුළ මුහුණු ආවරණ අනිවාර්ය කෙරේ

ශ්‍රී ලංකාව තුළ මාර්ගවල ගමන් ගන්නා සියලු දෙනා මුහුණු ආවරණ පැළඳීම අප්‍රේල් 11 සෙනසුරාදා සිට අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න සඳහන් කළේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල ආරක්ෂාව තහවුරු කිරීමත් මෙහි අරමුණක් බවයි. එමෙන්ම දිවයිනේ සියළු පොලිස්ථාන වෙත එය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී තිබෙන බවද ඔහු සඳහන් කළා.

අවසර සහිතව පරේ ගමන් කරන සියළු දෙනා මුහුණු ආවරණ පැළඳිය යුතු බවත් එසේ පැළඳීමක් සිදුනොකරන පිරිස් නැවත හරවා යැවීමටත් වැඩ බලන පොලිස්පතිවරයා සියළු පොලිස්ථාන වෙත උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top