,
News

පාස්කු ඉරිදා අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබීම හෙවත් පාස්කු ඉරිදා දිනය මෙවර යෙදී ඇත්තේ අප්‍රේල් 12 දිනටයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය හෙවත් මරණයෙන් නැගී සිටීම සිහි කිරීම පාස්කු මංගල්‍යයේ අරමුණයි. දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට පාස්කු දිනයේ සිට මෙම මංගල්‍යයට එක් වෙයි.

පාස්කු මංගල්‍යයෙන් ගෙන එන ක්‍රිස්තු පණිවුඩය වන්නේ විවිධ බලවේගවලින් එතෙවර යහපත් ජීවිතයක් ගත කිරීමට ජනතාවට අවස්ථාව පවතින බවයි.

පාස්කු මංගල්‍ය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ “පාස්කු දින මංගල්‍ය මේ රටේ කිතුනු බැතිමතුන්ගේ‍ සොඳුරු ආගමික මතකයක්” බවයි.

එහෙත් පසුගිය වසරේ පාස්කු දිනය සියළු රටවැසියන්ට ඉතා වේදනාත්මක එකක් බවට පත්වු බවද ජනාධිපතිවරයා සිහිපත් කරයි. අදටත් එහි කම්පනය මැකී ගොස් නැති බවත් රජය උපරිම කැපවීමකින් වේදනාවට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කියා සිටී. එවන් සිදුවීම් මාතෘ භූමියෙන් තුරන් කිරීමට ද රජය දැඩිව වග වී සිටින බවද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ පාස්කු දින පණිවිඩයේ සඳහන් වෙයි.

“රටත්, ජනතාවත් අතිශය අභියෝගාත්මක සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින මේ මොහොතේ රජයේ සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අවනතව නිවෙස්වල සිට ජේසු සමිඳාණන් වෙනුවෙන් කැප වෙනු ඇතැයි රජය බලාපොරොත්තු වන” බවද ජනාධිපතිවරයා එම නිවේදනයෙන් කියා සිටී.

Rivira Ads
To Top