,
Covid-19

වෛද්‍යවරයෙකු නිකුත් කරන ඖෂධ වට්ටෝරුවක් නොමැතිව ඖෂධ නිකුත් කරන්නන්ට එරෙහිව නීතිමය පියවර

රජයේ ලියාපදිංචි වෛද්‍යරයෙකු විසින් නිකුත් කරන ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට කිසිදු ඖෂධයක් නිකුත් නොකළ යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සියලු ඖෂධ හල් හිමියන්ට දැනුම් දී තිබෙනවා.

වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ලබාදිය යුතු ඖෂධ කිසිදු හේතුවක් මත ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට ලබාදීම නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.

එසේම ඖෂධ වට්ටෝරුවක් නොමැතිව ඖෂධ නිකුත් කිරීම ඖෂධ අධිකාරී පනත යටතේ දඞුවම් ලැබිය හැකි වරදක් වන බවත් අනිල් ජාසිංහ පෙන්වා දුන්නා. ඖෂධ ලබාගැනීමට පැමිණෙන පාරිභෝගිකයින් විසින් ඖෂධහල් සේවකයින් වෙත පවසන රෝග ලක්ෂණවලට ඖෂධහල් හිමියන් විසින් කිසිවිටෙක ඖෂධ නියම කිරීම හෝ අලෙවි කිරීම සිදුනොකළ යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ මෙම තීරණාත්මක කාලවකවානුවේ දී ඖෂධ හල් මගින් ජනතාවට ඖෂධ ලබාදීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය ඉහළින් අගය කරන බවයි.

Rivira Ads
To Top