,
Covid-19

එක රටක් – එක නීතියක්, ආදාහනය ගැසට් කරයි

කොවිඩ්-19 ‌වෛරසය ආසාධිතව වීම ‌හේතුවෙන් මිය යන තැනැත්තන්ගේ මෘත දේහයන් ආදාහනය කළ යුතු බවත් එලෙස කළ යුතු අකාරයත් පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අංක 2170/8 දරන එම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නිරෝධායන පනත යටතේ විධිවිධාන පනවා තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන විධාන වලට අනුව ආදාහනය සිදු කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක ඒ බලධරයාගේ අධීක්ෂණය යටතේ සෙල්සියස් අංශක 800 සිට 1200ක් දක්වා වු උෂ්ණත්වයක් සහිතව විනාඩි 45 සිට පැයක් දක්වා කාලයක් දේහය සම්පූර්ණයෙන් දැවී යන තෙක් ආදාහනය සිදු කළ යුතු බවද මෙම ගැසට් නිවේදනයේ සඳහන්.

මිය ගිය තැනැත්තාගේ මෘත දේහය නිසි බලධරයා විසින් නම් කරන ලද ආදාහන කටයුතු භාරගෙන සිටින තැනැත්තන් හැර වෙනත් කිසිවෙකුට භාර නොදිය යුතු බවටද මින් දක්වා තිබෙනවා.

මෘත දේහය හසුරුවනු ලබන තැනැත්තන්ගේ ඇදුම සහ නැවත භාවිත කල නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග ආදාහන අවස්ථාවේදී මීනි පෙට්ටිය සමග පුලූස්සා දැමිය යුතු බවද එම නිවේදනයේ සඳහන්.

Rivira Ads
To Top