එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අප්‍රේල් 13 පස්වරුවේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තහවුරු කළා.
මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ දී මිරිහාන පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

