අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අප්‍රේල් 14 අඟහරුවාදා ඉදිරිපත් කෙරිණි.
එහිදී ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර හිටපු මන්ත්‍රීවරයාව අප්‍රේල් මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධානගාරගත කිරීමට නියම කර තිබේ.
ඇදිරි නීති කොන්දේසි උල්ලංඝනය කිරීම, ඊට අනුබල දීම හා පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

