,
Covid-19

විදෙස්ගත ලාංකිකයින් දහස් ගණනක් ලංකාවට එන්න පෝලිමේ

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැනීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අවධාරණය කරනවා.

අප්‍රේල් 15 දින දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කළ තොරතුරු අනුව 55,000කට අධික පිරිසක් “කන්ටැක්ට් ශ්‍රී ලංකා” සමග ලියා පදිංචි වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක ඉල්ලීම වී ඇත්තේ නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම බවද වාර්තා වේ.

එහෙත් රට තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් පවතින පිරිස් දහස් ගණනක් තවමත් සිටින බැවින් විදේශයන්හි සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට පෙර රට තුළ තත්ත්වය යහපත් අතට පත් කර ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ “නොහැක්කක් නොමැත” යන්න මීටත් අදාළ බැවින් ඕනෑම අවස්ථාවක එම පිරිස ගෙන්වා ගන්නේ නම් තමන් හමුදාවක් ලෙස ඊට සූදානම් බවයි. එහෙත් සෞඛ්‍ය අංශ ඇතුළු රටේ සියළු සම්පත්වලට දරාගත හැකි පරිදි අදාළ කටයුුත්ත සිදුකළ යුතු බවත් ඊට හමුදාවෙන් අවශ්‍ය සියලු සහය නිර්න්තරයෙන් ලබාදෙන බවත් පැවසීය.

Rivira Ads
To Top