අද, එනම් අප්‍රේල් 15 දකුණ කොරියාවේ මහමැතිවරණය පැවැත්වෙන දිනයයි. නමුත් එම දිනය වෙනස් කිරීමට දකුනු කොරියාව කටයුතු කර නැත. ඒ අනුව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අතරතුර මහමැතිවරණයක් පවත්වන ලොව පළමු රට වී ඇත්තේ දකුණු කොරියාවයි.
මන්ත්‍රී ආසන 300ක් වෙනුවෙන් සභිකයින් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් දකුණු කොරියාවේ මහමැතිවරණය පැවැත්වෙනවා.
ඡන්ද දායකයින් ඡන්ද කුටිය සහිත කාමරයට පිවිසෙන දොරටුවට ළඟා වන විට, එහි සිටින සහායකයකු ඔවුන්ගේ උෂ්ණත්වය ලේසර් උෂ්ණත්වමානයකින් පරීක්ෂා කරන අතර, මුහුණු ආවරණ රහිතව පැමිණෙන පුද්ගලයින් හරවා යවනු ඇත. යමෙකුට උණ වැළඳී ඇත්නම්, ඔවුන්ව වෙනම ඡන්දය ප්‍රකාශ කළ හැකි ප්‍රදේශයකට කැඳවාගෙන යනු ලැබේ.
සියළුම ඡන්දදායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද කුටියට ඇතුළු වීමට පෙර ඉවත දැමිය හැකි ප්ලාස්ටික් අත්වැසුම් ලබා දී ඇත. පිටතට යන විට අත් පිරිසිඳු කර ගැනීම සඳහා පිරිසිඳුකාරක ලබාදෙයි.
දකුණු කොරියාව දෛනිකව වාර්තා කරන ආසාදිතයින් ප්‍රමාණයක් 50 ක් හෝ ඊට අඩු මට්ටමක පවත්වා ගනිමින් සිටින බවත එරට මාධ්‍ය කියයි. කොරියාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන වලට අනුව, අප්‍රේල් 13 වන සඳුදා වන විට රෝගීන් 10,537 ක් වාර්තා වී ඇති අතර, මරණ 217 ක් වාර්තා වී තිබේ. ආසාදිත පුද්ගලයින් 7,000 කට අධික සංඛ්‍යාවක් මෙම රෝගයෙන් සුවය ලබා ඇත. තවමත් සක්‍රීය ලෙස ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 3,000කට අධිකයි.

