වෛරසය පාලනයට ගෝලීය නායකත්වයක් අවශ්‍යයි – රනිල්
“ගෝලීය වශයෙන් ප්‍රතිචාරයක් නැත, ප්‍රකාශ පමණි” යැයි පවසමින් රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ කෝවිඩ් 19 ට එරෙහිව සටන් කිරීමට ගෝලීය නායකත්වයක අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවයි.
“ශ්‍රී ලංකාව පනවා ඇති සීමාවන්, එනම් රට වසාදමා ඇඳිරි නීතිය පනවා තිබීම අර්ධ වශයෙන් හෝ ඉවත් කළ යුතු අතර අප ජර්මනිය මෙන් පරීක්ෂණ සඳහා යා යුතුයි” යැයිද හිටපු අගමැතිවරයා කියා සිටියා.
හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ඉන්දියාවේ WION නාලිකාවට අදහස් දක්වමින් මේ බව සඳහන් කර තිබෙනවා.
කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ දරන උත්සාහය ගැන හිටපු අගමැතිවරයා ප්‍රශංසා කළ අතර වසංගතය හමුවේ එය පාලනය කිරීම සඳහා ගෝලීය නායකත්වයක් ඉල්ලා සිටියේය.
“IMF, ලෝක බැංකුව, එක්සත් ජාතීන් වැනි කවුරුන් හෝ කවුරුහරි ඉදිරියට පැමිණිය යුතුයි. එහෙත් මෙතෙක් එවැන්නක් සිදුවෙලා නෑ. දේශගුණික විපර්යාස ගැන කතා කරන විට ඊට නායකත්වය දෙන්න පිරිස් ඉන්නවා. ඒත්, මෙතැනට නායකත්වය ගන්නේ කවුද? කවුරුවත් කතා කරන්නේ නැහැ. සමහරුන් සටන් කරමින් ඉන්නවා” යැයි ඔහු පැවසීය.
Of course you can’t even go to the loo without Big Sam and clans..
The spreading of covid 19 is also a result of so called globalization.Let’s believe in ourselves and our strengths.