,
Covid-19

බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ ගෝලීය දර්ශකයේ 9 වන ස්ථානය ශ්‍රී ලංකාවට

බෝවන රෝග සඳහා ප්‍රතිචාර දැක්වීමේ ගෝලීය දර්ශකයේ (GRID) ශ්‍රී ලංකාව සහ එහි රාජ්‍ය නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 9 වන ස්ථානයට පත්ව ඇති බව අදාළ වාර්තාවේ දැක්වේ.

කොවිඩ්-19 වසංගතය මැඩපැවැත්වීමේදී රටේ නායකත්වය සහ එහි සෞඛ්‍ය පද්ධතියේ සූදානම කෙතරම් කාර්යක්ෂමව හා ඵලදායීව ඉටුවනවාද යන්න ශ්‍රේණිගත කිරීම සඳහා නිර්නායක ලෙස භාවිතා කෙරේ.

ඕස්ට්‍රේලියානු සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (අයිසීඑම්ඒ) විසින් කොවිඩ්-19 අර්බුදයේ ගෝලීය නායකත්ව ප්‍රතිචාර දැක්වීමේ දර්ශකය GRIDTM නම් වාර්තාවකින් ප්‍රකාශයට පත් කෙරේ.

නවසීලන්තය සහ එහි නායක ජසින්ඩා ආර්ඩන් ග්‍රිඩ් දර්ශකයේ 1 වන ස්ථානයට පත්ව ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් ඇමරිකා එක්සත් ජනපදය කොවිඩ්-19 ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රේණිගත කිරීම්වල ඉතා පහත් මට්ටමක සිටී.

ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ සිංගප්පූරුව, අයිස්ලන්තය, ෆින්ලන්තය, නෝර්වේ, කැනඩාව, දකුණු කොරියාව, හොංකොං, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය සහ තායිවානය යන රටවල් පමණි.

Rivira Ads
To Top