,
News

රිෂාඩ් බදුර්දීන් CIDයට ඇවිත් යයි, තම සොහොයුරා නිර්දෝෂී බවත් කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 4කට ආසන්න ප්‍රකාශයක් ලබා දී ඉන් පිටව ගොස් තිබෙනවා.

මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සම්න්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළා.

මේ අතර මීට දින දෙකකට පෙර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ අදහස් පළ කරමින් හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් පවසන්නේ තමා හෝ තම සොහොයුරන් ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ නැති බවයි. මෙය දේශපාලන පළි ගැනීමක් බවත් “ජාතිවාදී මාධ්‍ය විසින් තම සොහොයුරා ත්‍රස්තවාදයට සම්බන්ධ බවට” ව්‍යාජ පුවත් පළ කර ඇති බවත් ඔහු කියා සිටිනවා.

දර්ශන අනුග්‍රහය හිරු පුවත්

Rivira Ads
To Top