,
Entertainment

ජන හද දිනූ රංගධරයින් දෙදෙනෙක් ජීවන රඟමඩලින් සමුගනී

ප්‍රවීණ රංගධර දයා තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 78 වැනි වියේ පසු වූ ඔහු අප්‍රේල් 17 දින මිය යන විට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවී තිබෙනවා.

වේදිකාවද, පුංචි තිරය ද, රිදී තිරය ද එක සේ ජයගත් ඔහු 1969 වසරේදී හන්තානේ කතාව සිනමා පටයෙන් සිනමාවට අවතීර්ණ වීම සිදුවුනා. අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, කරුමක්කාරයෝ, සොල්දාදු උන්නැහේ, සෙයිලම ඇතුළු චිත්‍රපට රැසකට ඔහු දායකත්වය ලබා තිබෙනවා.

මේ අතර කෝපි කඩේ ටෙලි නාට්‍යයේ අප්පුවා ලෙස මෙරට ප්‍රේක්ෂක ජනහද දිනාගත් ශ්‍රී ලාල් අබේකෝන් මහතා ද අභාවප්‍රාප්ත වූනා. අප්‍රේල් 16 ඔහු මිය යන විට 72 වැනි වියේ පසුවූ අතර අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු අභවප්‍රාප්ත වී තිබෙනවා.

රංගන ශිල්පියෙකු මෙන්ම ගායන ශිල්පියෙකු ලෙසත් ඔහු ජනාරදරයට පාත්‍ර වූ කලාකරුවෙකි.

Rivira Ads
To Top