කොවිඩ්-19

සෞඛ්‍ය උපදෙස් නොතකා මගීන් පටවාගෙන ගිය බස් රථ තුනක් පොලීසියට

ඇඳිරි නීතිය ලිහිල් කිරිමෙන් පසු රජය මඟින් ලබා දී තිබූ සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව වැඩිපුර මගින් බස්රථවල රැගෙන යාම සම්බන්ධයෙන් පෞද්ගලික බස්රථ තුනක බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් අප්‍රේල් 20 වනදා ගාල්ල නගරයේ දි අත්අඩංගුවට ගත් බැව් ගාල්ල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් බස්රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නිතිමය කටයුතු කරන බව ගාල්ල පොලිසියේ රථවාහන අංශය පවසයි. ධාවනය වන බස්රථ වලින් සියයට 98ක් පමණ සෞඛ්‍ය උපදෙස් අනුව දුරස්ථභාවය තබාගෙන මගින් බස්රථවලට නංවාගෙන ධාවනය වු බව පොලිසිය පවසයි.

සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් උපදෙස් අනුව දුරස්ථභාවය ආරක්ෂාකරමින් මගීන් රැගෙන බස්රථ ධාවනය වන්නේ ද යන්න පිළිබද ගාල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් උදැසන සිට පරික්ෂා කරන ලද අතර එම පරික්ෂාවේ දී ගාල්ල හික්කඩුව ගාල්ල අම්බලන්ගොඩ යන මාර්ගවල සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව මගින් නංවාගෙන ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස්රථ 03 ක බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරු අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසයි.

මෙහිදි පොලිස් නිලධාරින් විසින් මගීන්ට කිසිදු කරදරයක් හෝ අපහසුතාවයක් නොවන ආකාරයට ගාල්ල බස්නැවතුම්පොළට මගීන් ගෙනවිත් දුරස්ථභාවය තබාගෙන වෙනත් බස්රථවල ගමන්කරන ලෙස උපදෙස් ලබා දී තිබිණි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top