අප්‍රේල් 13 දින අත්අඩංගුවට ගැනීමෙන් පසු අප්‍රේල් 14 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 20 දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අප්‍රේල් 20 දින නියෝග කර තිබේ.
ඇඳිරි නීතිය කඩ කිරීම, ඊට ආධාර අනුබලදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ යටතේ රන්ජන් රාමනායක මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබිණී.
අදාළ නඩුව අප්‍රේල් 20 දින කැඳවූ අවස්ථාවේදී නුගේගොඩ මහේස්ත්‍රාත් ඒ.එම්.එම් මිහාල් නියෝග කර ඇත්තේ සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින ලෙසයි. එය ගෙවන තෙක් පුද්ගලික ඇපයක් මත නිදහස් කිරීමට හැකියාව පවතින බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.
නඩුව වැඩිදුරට විභාගය 2020 වසරේ සැප්තැම්බර් 28 වන දින දක්වා කල් තැබීය.
මේ අතර සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ බවට වූ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් කාන්තාවද අප්‍රේල් 17 දින ඇප මත මුද හැරීමට අධිකරණය නියෝග කර තිබිණි.

