නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමීමට නීතිපතිවරයා තීරණය කර තිබෙන බව අධිකරණ සේවා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ආරක්ෂක නිලධාරිනියක් හා සම්බන්ධ කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමක් ඊට හේතු වී ඇති බවද වාර්තා වෙයි.
නීතිපති දෙපාර්තමේන්තුව හා එම පරිශ්‍රය විෂබීජහරණයට ලක් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි විවෘත කෙරෙනු ඇති බවද වාර්තා වේ.

