අවසන් යාවත්කාලීන කිරීම (අප්‍රේල් 21 පෙරවරු 08.30ට)
8 වැනි පාර්ලිමේන්තුව 2020 මාර්තු 2 දින විසිරුවා හැරිමෙන් පසු 9 වැනි පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීම අප්‍රේල් 25 දිනට යෙදුවත් ලොව පුරා ඇති වී තිබෙන කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමීමට ද මැතිවරණ කොමිසම කටයුතු කර තිබුණි.
එහෙත් අප්‍රේල් 20 දින කොමිෂන් සභාවේ සාමාජිකයින් තිදෙනාගේම සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීමේ දී ජුනි මස 20 දින මහමැතිවරණය පැවැත්වීමට තීරණය කර ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයද අංක 2172/3 යටතේ නිකුත් කර තිබේ.
මහමැතිවරණය ජුනි 20?(අප්‍රේල් 20 පස්වරු 08.30ට)
කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කල් දැමූ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කර සිටී. එහෙත් ඉදිරි කාල සීමාව තුළ ඇති වන තත්වයන් සැළකිල්ලට ගැනීමටත් අවධානය යොමු වී ඇති බව පැවසෙන අතර යම් හෙයකින් ඇඳිරි නීතිය එළැඹෙන අප්‍රේල් 27 දින ඉවත් නොකෙරුනොත් තත්වය වෙනස් වීමට ඉඩ ඇති බවද වාර්තා වේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාගේම සහභාගීත්වයෙන් අප්‍රේල් 20 දින පැවති විශේෂ රැස්වීමකදී මේ බව තීරණය කර ඇති බවද සඳහන්. ඒ අනුව එම දිනය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. එහෙත් මැතිවරණ නීතිය අනුව ජුනි 2 වැනිදාට පෙර පාර්ලිමේන්තුව රැස්විය යුතු බව සඳහන් වන බැවින් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් නෛතික උපදෙස් අනුව කටයුතු කිරීමටද කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ අතර ජනාධිපති ලේකම්වරයා යොමුකළ ලිපියට ප්‍රතිචාරයක් යොමු කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

