අප්‍රේල් 20 සඳුදා බොරතෙල් වෙලඳපොල උඩු යටිකරු වීමක් සිදු විය. මිල ගණන් කොතරම් පහත වැටී ඇත්ද යත් සමහර වෙළෙන්දෝ තෙල් මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට මුදල් ගෙවූහ.
එක්සත් ජනපදයේ ප්‍රධාන තෙල් මිණුම් දර්ශකයෙහි බැරලයක මිල ඩොලර් 50කින් පහත වැටී ශුන්‍යයට වඩා (0ට වඩා) ඩොලර් 30 කට වඩා අඩු වූ අතර ඉතිහාසයේ තෙල් මිල ඍණාත්මක වූ පළමු අවස්ථාව මෙය විය. නමුත් එය අවධාරණය කරන්නේ කොරෝනා වෛරස් වසංගතය ලෝක ආර්ථිකයන්ට සිදුකරන විනාශයයි. මෙම තත්වයට හේතුවී තිබෙන්නේ බොරතෙල් ගබඩා පිරී ඉතිරී යාමයි. ඒ හේතුවෙන් ඩොලර් 50කින් බැරලයක් පහත වැටීමට පෙර බැරලයක මිල ඩොලර් 20 ලෙස සටහන් ව තිබුණි. ඒ අනුව ඩොලර් ඍණ 30 දක්වා බැරලයක මිල පහත වැටිණි. එනම් බැරලයක් මිලදී ගන්නා ගැනුම්කරුවෙකුට ඩොලර් 30ක් ගෙවීමට පවා සිදුවිය.
තෙල් සඳහා ඇති ඉල්ලුම බිඳ වැටෙමින් පවතින අතර, නිෂ්පාදනය කප්පාදු කිරීම සඳහා සෞදි අරාබිය, රුසියාව සහ අනෙකුත් ජාතීන් අතර ගිවිසුමක් තිබියදීත්, කර්මාන්තය විසින් පොම්ප කරනු ලබන තෙල් සියල්ලම විකුණා ගැනීම සඳහා ලෝකයේ තැනින් තැන දිව යයි. දිනකට බැරල් මිලියන 100 ක් පමණ නිපදවෙයි.
2020 වර්ෂය ආරම්භයේදී තෙල් බැරලයක මිල ඩොලර් 60 කට වඩා වැඩි වූ නමුත්
අප්‍රේල් 17 සිකුරාදා වන විට එය ඩොලර් 20 ක් පමණ විය.
මිල ඍණාත්මක විය. එහි ප්‍රතිපලය වූයේ බැරලයක් විකිණීමට උත්සාහ කරන ඕනෑම විකිණුම්කරුවෙකු විසින් ගැණුම්කරුවෙකුට ඩොලර් 30 ක් ගෙවිය යුතු බවයි.

