දේශීය පුවත්

පිළියන්දල කොරෝනා ආසාදිත මාළු වෙළෙන්දා නිසා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල වසා දමයි

අප්‍රේල් මස 20 වනදා පිළියන්දලින් වාර්තා වූ කොරෝනා ආසාදිත මාළු වෙළෙන්දා මාළු රැගෙන ඒමට පෑලියගොඩ මත්ස්‍ය වෙළසැලට පැමිණ ඇතැයි තහවුරු වීමත් සමඟ අප්‍රේල් මස 22 වනදා සිට දින 3ක කාලයක් සඳහා මත්ස්‍ය වෙළඳපොල වසා තැබෙන බව පෑලියගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය සඳහන් කර සිටියි.

මේ පිළිබඳව අදහස් දකවමින් එම වෙළෙඳ සංගමයේ සභාපති දයාසිරි වික්‍රමආරච්චි මහතා පැවසුවේ අප්‍රේල් මස 18 වන දා එම කොරෝනා ආසාදිත මාළු වෙළෙන්දා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලට පැමිණ ඇති බවට තහවුරු වීමත් සමඟ අප්‍රේල් 21 වන දින මාළු ලෑලි 3ක් වසා දැමීමට කටයුතු කර තිබූ බවයි.

නමුත්, පවතින තත්ත්වය මත දින 3ක කාලයක් සඳහා වෙළඳපොල වසා දැමෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණ සියලු දෙනාට හෙට(22) දින PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා යොමු වන ලෙස දැනුම් දුන් බවත් ඒ මහතා පැවසීය.

පිළියන්දලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයා නිවුන්ගම, ග්‍රාමෝදය මාවතේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඇඳිරි නීතිය පවතින සමයේ ඇඳිරි නීති බලපත්‍රයක් රැගෙන පොල්ගස්ඕවිට, වෑතර, කහතුඩුව, සියඹලාගොඩ, පාලාගම, දියකඩ යන ප්‍රදේශයන්හි කුඩා ලොරි රථයකින් මාළු වෙළෙඳාමෙහි යෙදී ඇති බව වාර්තා වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top