කොවිඩ්-19

කොරෝනා යැයි සැක පිට තලවකැලේ යාචකයෙක් රෝහල්ගත කරයි

කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක පිට තලවකැලේ බස්නැවතුමේ සිටි යාචකයෙකු අප්‍රේල් 21 වැනි දින ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව තලවකැලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල් ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම යාචකයා බගවන්තලාව ප්‍රදේශයේ සිට තලවකැලේ බස්නැවතුමට පැමිණ අප්‍රේල් 20 වැනිදා එහි නවාතැන් ගෙන ඇති බවත් පසුව ඔහු උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් සෞඛ්‍ය අංශ විසින් හෙළි කර ගෙන ඇත. දැනට එම යාචකයා වැඩි දුර පරීක්ෂණ කටයුතු සඳහා ආරක්ෂාකාරීව ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුව ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව තලවකැලේ බස්නැවතුම හා බස්රථ විසබීජහරණයට ලක් කිරීමට තීරණය කළ බව ලක්මාල් ද සිල්වා මහතා පවසයි.එම තීරණය අනුව අප්‍රේල් 20 වනදා සිට බස්නැවතුම්පොළට පැමිණි සියළුම බස් රථ විසබීජ නාශක යොදා විසබීජහරණයට ලක් කිරීමට තලවකැලේ ලිඳුල ප්‍රාදේශීය සභාව විසින් පියවර ගෙන ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top