ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 21 අඟහරුවාදා පස්වරු 6.00 වන විට 310 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ තවත් ආසාදිතයින් 6 දෙනෙකු දිනය තහවුරු වීමත් සමගයි.
මෙම රෝගීන් 6 දෙනාගෙන් 5ක් කොළඹ 12 බණ්ඩාරනායකපුර වසා දමා ඇති ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එක් අයෙක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.
අප්‍රේල් 21 පස්වරු 6 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 102ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 201ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. ඒ අනුව පළමු වතාවට ශ්‍රී ලංකාව තුළ සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 200 ඉක්මවා තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 158ක් බවද සඳහන් වේ.
මේ අතර අප්‍රේල් 21 දින පෙරවරු 10.30 වන විට පෙර දිනට අදාළව කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති ආසාදිතයින් ගණන 110කි. එය රටෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාවෙන් තුනෙන් එකක් (1/3) ඉක්මවූ ප්‍රමාණයකි. කළුතර දිස්ත්‍රික්කයෙන් 45ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 32ක්ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකුද මහනුවරින් 7ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 5ක්ද ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතරට විදේශිකයින් 3 දෙනෙකු ඇතුළත් අතර ඉන් තිදෙනාම සුවය ලබා තිබෙනවා.

