පිළියන්දල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙඳුන් සහ සේවකයින් අප්‍රේල් 22 දින පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කිරීමට තීරණය කර තිබෙනවා.
අප්‍රේල් 21 දින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළඳ සංගමය සඳහන් කළේ දින 3කට වෙළඳ කටයුතු අත්හිටුවීමට තීරණය කළ බවයි. එහෙත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු තොග වෙළඳාමට පමණක් අප්‍රෙල් 22 සිට ක්‍රියාත්මක කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අප්‍රේල් 21 දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ඒ අනුව සිල්ලර වෙළඳාම සිදු නොකෙරෙනු ඇත.
වෙළෙඳුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් පැතිරීමක් ඇත්නම් එය පාලනය කිරීම සඳහාත් පවතින අවදානම සැළකිල්ලට ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙඳුන් සහ සේවකයින් අප්‍රේල් 22 පෙරවරුවේ පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ කියා සිටියා.

