කොවිඩ්-19

පන්නිපිටිය පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමයි, කාර්ය මණ්ඩලය නිරෝධායනයට

කොවිඩ්-19 ආසාදිත බවට බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයා පන්නිපිටිය ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබා ඇති බව හෙළි වීමත් සමග එම ස්ථානය තාවකාලිකව වසා දැමීමටත් එහි කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කිරීමටත් පියවරගෙන තිබෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා.

කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ අදාළ පෞද්ගලික වෛද්‍ය මධස්ථානයේ කාර්යය මණ්ඩල සේවකයින් 73 දෙනෙකු පිසිආර් පරික්ෂනයකට ලක්කර ඉන් 7 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top