,
Covid-19

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වා ගැනීමේ දෙවන හා තෙවන කණ්ඩායම් අද සහ හෙට දිවයිනට

කොවිඩ්-19 වෛරසයේ පැතිරයාම හේතුවෙන් විදේශයන් හී සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීමට සඳහා රජයට විශාල ලෙස ඉල්ලීම් ලැබී තිබෙනවා. ඒ අනුව විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නිසි වැඩපිළිවෙලක් යටතේ අදියර කිහිපයකින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය කටයුතු ආරම්භ කර ඒ යටතේ පළමු අදියර ලෙස අප්‍රේල් 21 සවස පාකිස්ථානයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබූ හා පුහුණු කටයුතු සදහා පාකිස්ථානයට ගිය 113 දෙනෙකු ගෙන්වාගෙන නිරෝධායනයට යොමු කළා.

එහි දෙවන අදියර යටතේ අප්‍රේල් 23 දින ඉන්දියාවේ පන්ජාබි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 102 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතයි. ඉන්දියාවේ පන්ජාබි ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වල සිටින සිසුන් 102 දිවයිනට ගෙන්වා ගැනීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගෙමේ UL 146 දරණ ගුවන් යානය යොදවා ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියා සිටියා.

තෙවන අදියර යටතේ අප්‍රේල් 24 දින UL 194 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් කොයිම්බතුර් සිටින තවත් ශ්‍රී ලාංකිකයන් 117 දෙනෙක් ද, UL 1425 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් කත්මන්ඩු සිට තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙක්ද දිවයිනට ගෙන ඒමට සැළසුම් කර ඇති අතර ඒ සියලු දෙනා රඳවා තැබීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීමද මේ වන විට අවසන් කර තිබෙනවා.

විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට රැගෙන ඒමේ ක්‍රියාවලියේ දී විදේශයන් හී අධ්‍යාපනය සඳහා ගිය ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ප්‍රමුඛතාවය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍යවරයා කියා සිටියා.

Rivira Ads
To Top