කොවිඩ්-19

මම ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව කැඳවන්නෙ නෑ, අධිකරණ නියෝගයට ගරු කරන්න බැඳී ඉන්නවා – හිටපු කතානායක කරූ ජයසූරිය

ට්විටර් පණිවුඩයක් යොමු කරමින් හිටපු කතානායක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය අප්‍රේල් 23 දින කියා සිටින්නේ කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින හ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අවශ්‍ය නොවන බවයි.

එහෙත් යම් මතභේදකදී, අධිකරණයේ නියෝගයට ගරු කිරීමට බැඳී සිටින බවත් ඔහු සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කරන්නේ කතානායකවරයා විසින් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරනු ඇති බවට මතයක් පැතිරගොස් තිබූ වටපිටාවකයි.

එම සම්පූර්ණ පණිවුඩය මෙසේය. “කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍යය. එබැවින්, මවිසින් ඒකපාර්ශිකව පාර්ලිමේන්තුව රැස් කරනු ඇතැයි යන්න සම්පූර්ණයෙන්ම අසත්‍ය වේ. අර්බුදයක් වැළැක්වීමට විධායකය කටයුතු කළ යුුතු වේ. යම් මතභේදයකදී, අධිකරණයේ නියෝගය ගරු කිරීමට මම බැඳී සිටිමි.”

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මහමැතිරවණය ජුනි 2 දිනෙන් පසු දිනයකට ගැසට් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ පිරිස් අධිකරණය වෙත යාමේ සූදානමක් ඇති බවටද තොරතුරු වාර්තා වේ. දේශපාලන පක්ෂ කිහිපයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඔවුන් එක්ව හෝ වෙන වෙනම අදාළ නඩු පැවරීමට තීරණය කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Rivira FB Group Rivira Youtube
To Top