,
Covid-19

පන්නිපිටිය පෞද්ගලික රෝහල යළි විවෘත කිරීමට අවසර

කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වී බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හඳුනාගත් රෝගියා වකුගඩු රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා යාම හේතුවෙන් පන්නිපිටියේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දැමිණි.

ඒ අනුව අදාළ පන්නිපිටිය වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝග ලක්ෂණයක් පහළ වී නැති බව තහවුරු කරගෙන තිබෙනවා. එබැවින් සුපුරුදු පරිදි මධ්‍යස්ථානය විවෘත කර සේවාවන් සිදු කරන ලෙස අප්‍රේල් 23 දින අදාළ මධ්‍යස්ථානයට ලිඛිතව දැනුම් දුන් බව වෛද්‍ය රිෂිනි මාරසිංහ කියා සිටියා.

Rivira Ads
To Top