දේශීය පුවත්

පෞද්ගලික රෝහල්වල සහයෙන් දිනකට PCR පරීක්ෂණ 1000ක් සිදු කිරීමට පියවර

පෞද්ගලික රෝහල්වල ද සහාය ලබා ගෙන දිනකට සිදු කරන PCR පරීක්ෂණ 1000 කට වැඩි ප්‍රමාණයක් සිදු කිරිමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙරට කොරෝනා වෛරසය ආසාදිත වූවන් හඳුනාගැනීමට කරන පරික්ෂණ ප්‍රමාණය පුළුල් කරන ලෙස දුන් උපදෙස් අනුව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ අනුව, දිනකට එක් රෝහලකින් PCR පරීක්ෂණ 100 බැගින් ඩර්ඩන්ස් රෝහල, ආසිරි රෝහල සහ ලංකා රෝහල යන පෞද්ගලික රෝහල්වලින් සිදු කර ගැනීමේ හැකියාව පවතින බැවින් දෛනිකව සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය 1000 දක්වා සිදු කිරීමේ හැකියාවක් පවතින බව අමාත්‍යවරිය සඳහන් කර සිටියි.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි COVID-19 පැතිරීම වැළෑක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අප්‍රේල් 23 වන දින පෙරවරුවේ සෞඛ්‍ය හා දේශීය දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර මෙම අවස්ථාවට පෞද්ගලික රෝහල් වන ආසිරි, නවලෝක, ඩර්ඩන්ස්, ලංකා යන රෝහල් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී ඇත.

එසේම, මේ වන විට PCR පරීක්ෂණ සිදු කරන මධ්‍යස්ථාන 13ක දී දිනකට පරීක්ෂණ රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින්, නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් සහ පරීක්ෂණවලට භාජනය කළ යුතු සමාජයේ පුද්ගලයින් 800 කගේ පමණ සාම්පල රජයේ සෞඛ්‍ය අංශ විසින් පරීක්ෂාවට ලක්කරනු ලබයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top