එක්සත් ජතිත පක්ෂයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පරුම, කොරෝනා වෛරසය හේතුවෙන් පැනවූ ඇඳිරි නීති තත්වයත් සමග පීඩාවට පත් වී සිටින ජනතාවට සහන සැළසීමේ නිරතව සිටී.
නමුත් ඔහු විසින් සිදුකරගෙන යන සහන වැඩපිළිවෙළට නොයෙක් ආකාරයෙන් බාධා එල්ල වෙමින් පවතින බවට ඔහු විසින්ම අනාවරණය කළා. ඔහුව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පවා පැවති බව ඔහු කියා සිටියා.
මේ අතර අප්‍රේල් 23 දින ඔහු කියා සිටින්නේ තමන් කළුතර දිස්ත්‍රික් එජාප අපේක්ෂක ලැයිස්තුවේ සිටීම මෙම බාධාවන්ට මූලික වී තිබෙන බවයි. පක්ෂයටත් පාක්ෂිකයින්ටත් තම ආදරය එළෙසම පැවතුනත් අපේක්ෂකත්වය ජනතාවට සහන සැළසීමේ ක්‍රියාවලියට බාධාවක් වන්නේ නම් අපේක්ෂකත්වයෙන් ඉවත් වී සහන සැළසීමේ ක්‍රියාවලියේ දිගටම නිරතවන බව ඔහු කියා සිටියා. ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් සමග සාකච්ඡා කර අපේක්ෂකත්වයෙන් ඉවත්විය යුතු නම් ඉන් ඉවත් වීමට කටයුතු කරන බව ඔහු කියා සිටියා.

