කොවිඩ්-19

පෙර දින හමුවූ සෙබලා ඇසුරු කළ තවත් නාවික සෙබලෙක් ආසාදිතයි, ආසාදිතයින් ගණන 335යි

ශ්‍රී ලංකාවේ දී වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා පස්වරු 7 වන විට 335 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අප්‍රේල් 23 දිනය තුළ තවත් ආසාදිතයින් 5 දෙනෙකු තහවුරු වීමත් සමගයි.

අප්‍රේල් 23 දිනයේ හඳුනාගත් ආසාදිතයින් 5 දෙනාගෙන් 4 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අනික් ආසාදිතයා වාරියපොල ප්‍රදේශයේ පදිංචි, වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන නාවික හමුදා සෙබලෙක් වන අතර ඔහු අප්‍රේල් 22 දින පොළොන්නරුව ප්‍රදේශයේ දී හමුවූ ආසාදිත නාවික සෙබලා ආශ්‍රය කළ අයෙකු බව හඳුනාගෙන තිබෙනවා. මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ කොටසක් වසා දමා ඇති බවද වාර්තා වේ.

අප්‍රේල් 23 පස්වරු 7 වන විට සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ථ ආසාදිතයින් අතුරින් 7 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 221ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියා සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින සැක සහිත රෝගීන් ගණන 173ක් බවද සඳහන් වේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top